නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයෙන් වී කිලෝ 500,000 මිල දී ගැනේ

    ඔක්තෝබර් 24, 2015

    2015 යල කන්නයේ වී අස්වනු නෙළීමෙන් පසු වී මිල දී ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මාතර දිස්ත්‍රක්කයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කළ බවත් එම මුදල් ප්‍රතිපාදන වලින් මේ වන විට වී කිලෝ 500,000 කට අධික ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බවත් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රකාශ කළා ය.


    මිල දී ගන්නා ලද වී තොග මේ වන විට මාතර - මැද්දවත්ත වී ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබෙන අතර පසුගිය කන්නයේ මෙන්ම මෙවර ද සම්බා වී කිලෝවක් රුපියල් 50 ක මුදලකට හා නාඩු වී කිලෝවක් රුපියල් 45 ක මුදලකට මිලදී ගන්නා ලදි.

     

    ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහ වී අලෙවි මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ වී අතිරික්තයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන වැලිපිටිය, වැලිගම, තිහගොඩ, හක්මණ හා කඹුරුපිටිය මූලික කර ගනිමින් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරිණි.

     

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya