නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ළඟට එන ජනතාවට යහපත් සේවාවක් ලබාදෙන්න සිතට ගත යුතුයි

    ඔක්තෝබර් 24, 2015

    - අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න


    අප ළඟට එන මහ ජනතාවට යහපත් සේවාවක් ලබාදෙන්න සිතට ගත යුතු බවත් අඩු තරමින් ඔවුන්ට සිනහවකින්වත් සංග්‍රහ කරන්න අපට පුළුවන් විය යුතු බවත් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයට හා දෙපාර්තමේන්තුවට අලුතින් පත්ව ආ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ සේවක සේවිකාවන් අමතමිනි.

    රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයට බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයෙන් පත්ව ආ මෙම පිරිස රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේනතුවේ රාජකාරි පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම පසුගියදා පැවැත්විණි.

     

    නවක පත්වීම්ලාභීන්ට සුබ පැතූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රැකියා ජීවිතයේ වෘත්තීය අත්දැකීම් ලබාගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව ඉතාම හොඳ තෝතැන්නක් වනු ඇති බවයි.

     

    මෙවර රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයට බඳවාගනු ලැබූ පිරිස අතරින් දෙසිය දහනම දෙනෙකු කම්කරු අමාත්‍යාංශයට සහ දෙපාර්තමේන්තුවට බඳවා ගැනිණි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

     

    “අද රජයේ සේවයට තිබෙන ලොකු චෝදනාවක් තමයි ජනතාවට හරිහමන් සේවාවක් සපයන්නෙ නැහැ කියන එක. මම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙලා හිටපු අවධියෙ එක්තරා පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට උත්සවයක් සංවිධානය කරල තිබුණ. ඒ පත්වීම් ලිපි ලබාගැනීමට ආපු අය අතර හිටපු කිහිප දෙනෙක් පත්වීම් ලිපිය ගන්නට පැමිණි අවස්ථාවේදිවත් මුහුණෙ සිනහ කඳුළක් තිබුණෙ නැහැ. මම ඒ වෙලාවෙම ඒ කිහිප දෙනා කැඳවල ඇහුව ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් වන රැකියාවට අදාල පත්වීම් ලිපිය ලබාගනිද්දිවත් ඔබ තුළ සිනහවක් නැත්නම් ඔබ ලඟට සේවයක් ලබාගැනීමට එන මහජනතාවට ඔබගෙන් සිනහවක් ලැබේවිද කියල. අප ළඟට එන මහ ජනතාවට යහපත් සේවාවක් ලබාදෙන්න අපි සිතට ගත යුතුයි. අඩු තරමින් ඔවුන්ට සිනහවකින්වත් සංග්‍රහ කරන්න අපට පුළුවන් විය යුතුයි.

     

    කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව කියන්නෙ මහජනතාව විශාල වශයෙන් පැමිණෙන තැනක්. මෙතැන රාජකාරි ගොඩක් තියෙනව කරන්න. ඒ නිසා පත්වෙලා ආපු ගමන්ම තමන්ගේ ගම් පළාත්වලට මාරුවීම් ඉල්ලන්න සූදානම් වෙන්න එපා මම මේ පිරිසට මතක් කරන්න කැමතියි. අදත් මම මේ උත්සවයට එන අතරෙදි විවිධ දේශපාලඥයන් දුරකතනයෙන් කතාකරල විවිධ සම්බන්ධකම් කියල මේ අය අතර ඉන්න කිහිපදෙනෙකුට මාරුවීමක් හදල දෙන්න පුළුවන්ද කියල මගෙන් ඇහුව. ඒක කරන්න අමාරු වැඩක්. අනිත් අතින් ඔබ මේ වෙලාවෙ අවුරුදු හතරක් පහක් දුරක සේවය කරන එක ඔබට හොඳයි. එතකොට ඔබට පුළුවන් ඔබගේ අවශ්‍යම අවස්ථාව වනවිට ඔබගේ ගම් පළාතට මාරුවීමක් ලබාගන්න.“


    මෙම උත්සවය සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න සහ කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

     

    SDF

    wdj3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya