කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් 409දෙනෙකුගේ විසිර යෑමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23දා පස්වරු 2.30ට පැවැත්වේ. ඒ අනුව එදිනට සහකාර පොලිස් අධිකාරිවරු තිදෙනෙක් ඇතුළුව පොලිස් නිලධාරීන් 406දෙනෙකු විසිර යෑමට නියමිතය. මෙම අවස්ථාවට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය. DB