ඔක්.20 වන දිනට යෙදෙන ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් සැමරුම් උත්සවය හෙට පෙ.ව. 9.00 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමෙන්තුවේ කාර්යභාරය හා එම දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කරනු ලබන සමාජ ආර්ථික දත්ත හා දර්ශක පිළිබදව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, පාසැල් සිසුන් හා ජනතාව දැනුවත් කිරීමට නියමිතය. AP/DMU-Gampha