ඒ අනුව පෑලියගොඩ - පුත්තලම මාර්ගයෙහි ඉදිකිරීමට යෝජිත අන්තර් හුවමාරු ස්ථානය ඉවත්කිරීම මෙන්ම අධිවේගී මාර්ගයේ Iහා II කොටස් මංතීරු හතරකින් යුක්තව ඉදිකර ඇති බැවින් අදියර III ද මංතීරු හතරකින් යුක්තව ඉදිරිමට නියමිතය.
එහෙත් මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව විෂය පථය වෙනස් කරමින් මුළු කොන්ත්‍රාත් පිරිවැය 35.9%කින් එනම් රුපියල් බිලියන 23.93කින් අඩු කිරීමට රජයේ සැලසුම විය. ඒ අනුව එම මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කණු මත ඉදිකරන ලද මාර්ගයන්හි දිග අඩු කිරීම, කණු මත ඉදිකරන මාර්ගයන්හි උස අඩු කිරීම වැනි වෙනස්කම්වලින් යුක්තව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කොට ඇතත් ඒ සඳහා අදාළ කොන්ත්‍රාත්කරුගේ එකඟතාවය ලැබී නොමැත.