රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ශාරීරික හා මානසික සුවතාවය සහ නිවැරදි ආහාර පුරුදු පිළිබඳව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය හා ප්‍රනවීණ දේශක වෛද්‍ය අසංග විජේරත්න මහතා විසින් මෙහෙයවනු ලබන මෙම වැඩමුළුවේදී ශරීරයේ උසට සරිලන ලෙස බර පවත්වාගෙන යාම, ආහාර පාලනය සහ පෝෂණය, ළමා ආරක්ෂාව හා පවුල් සැලසුම් ක්‍රම වැනි මාතෘකා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වනු ලැබේ.