නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරමට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඩුවම්

    ඔක්තෝබර් 07, 2015

    - විදේශ රැකියා ඇමතිනි

    මහා පරිමාණයෙන් සිදු කෙරෙන සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා පුද්ගලයින් යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ වූවන්ට එරෙහිව, තරාතිරම නොබලා දඩුවම් දෙන බව, විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි. මෙවැනි වංචනික ක‍්‍රියා නිසා ශ‍්‍රී ලංකාව ද අප‍්‍රසාදයට ලක්වන බවත් ඇය අවධාරණය කළාය.

    අමාත්‍යවරිය මෙම අදහස් ප‍්‍රකාශ කළේ ඊයේ (06) විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය.

     

    කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා උපයෝගී කොට ගෙන වංචනිකව කාන්තාවන් 11 දෙනෙකු එරටට පිටත් කර ඇති ඇති අතර, ඔවුන් එරට ගුවන් තොටුපලේ බලධාරීන් විසින් නැවත හරවා එවා තිබේ. එහිදී එම පිරිස පිළිබඳව කළ පරීක්ෂණයකදී හෙළිවූයේ මෙය ජාවාරමක් ලෙස ක‍්‍රියාත්මක වන බවයි. මේ සඳහා උප ඒජන්තවරු ,ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ වී සිටින බව එහිදී අනාවරණය වූ බව, අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    එහිදී අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ,

     

    ”මේ වංචාකරුවන් නිසා, අපේ රට අප‍්‍රසාදයට ලක්වෙලා තියනවා. අහිංසක මිනිස්සු රවටා, ඒ අයට මොනවා හරි බොරු කියලා රට යවනවා. මේ අය මේක ජාවාරමක් විදිහට කිහිපදෙනෙකු එකතු කරගෙන කරන්නේ. උප ඒජන්තකරුවන් ඇතැම් විට නිලධාරීන්ද මෙම ජාවරමට සම්බන්ධව ඉන්නා බවට තොරතුරු ලැබිලා තියනවා. අහිංසක මිනිසුන් මේ විදියට වංචනිකව රට යවන අයට එරෙහිව පක්ෂ පාට බේදයකින් තොරව නීතිමය කටයුතු කරනවා. දැනටමත් මෙයට සම්බන්ධ අය ස්ථාන මාරු කලා. පරීක්ෂණ දිගටම කරනවා. මේ ජාවාරම මම නවත්වන්න හැකි හැම දෙයක්ම කරනවා. මට  ඕන මේ ක්ෂේත‍්‍රය පිරිසිදු කරලා අහිංසක මිනිස්සු මේ ජාවාරම්කරුවන්ගෙන් බේරා ගන්න” යැයි ය.

     

    මෙහිදී අදහස් දැක්වූ, මෙම වංචාවට හසුවූ අවිස්සාවේල්ල පදිංචි කාන්තාවක් ප‍්‍රකාශ කළේ, තමන් මෙවැනි වංචාවකට හසුවී ඇති බව නොදැන රට රැකියාවකට ගිය බවයි. එහෙත් ගුවන් තොටුපල ඒකකයේදී සිදුවූ සිදුවීම්වලින් තමන්ට සැකයක් ඇතිවූ බවත්, එහිදී ආරක්ෂක නිලධාරීන් තමන්ට ගුවන් යානයට යන ලෙස පවසා සිටි බවද ඇය කියා සිටියාය. එහෙත් කුවේට් ගුවන් තොටුපලේදී එහි නිලධාරීන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට තමන් ඇතුළු අනෙකුත් කතුන් හසුවී ඇති බව අනාවරණය වූ බව ද ඇය එහිදී කියා සිටියාය.

     

    මෙම කණ්ඩායමට කාන්තාවන් 10 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු මෙම පිරිසට අයත් වූ අතර මාතර, පදවි ශී‍්‍ර පුර, රක්වාන, වාලච්චේන, වව්නියාව, කළුතර, අවිස්සාවේල්ල යන ප‍්‍රදේශයන් වල පදිංචකරුවන් බව සනාථ වේ. මොවුන්ට වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින බව ද අනාවරණය වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya