ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් මැරීන් ස්චුහැ මහතාගේ (Mr: jean-marin schuh)ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ජල විදුලි උත්පාදනය, ජතික මහා මාර්ග පද්ධතියේ පාලම් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය, ජල සම්පාදනය, පෝෂණ හා සෞඛ්‍ය ගැටළු නිරාකරණය, අපද්‍රව්‍ය අපහරණය සහ නගර අලංකරණය, වියළි කලාප තුල සංවර්ධන කටයුතු සිදුකිරීම, රටේ විවිධ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. එසේම මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සඳහා වන යෝජනා ගණනාවක් පිළිබඳව ද කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම් අයි එම් රෆීක්, අතිරේක ලේකම් යූ තෙන්නකෝන්, අධ්‍යකෂ ජනරාල් (ජාතික සැලසුම්) සංජය මුදලිගේ, අධ්‍යකෂ ජනරාල් (විදෙස් සබඳතා) ප්‍රියන්ත රත්නායක, ප්‍රංශ සංවර්ධන ආයතනයේ ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යකෂිකා ෆ්රාන් කොයිස් චාලියර් මහත්මිය(Ms. fran coise chaliear), දකුණු ආසියානු කලාපීය අධකෂ නිකොලොස් ෆෝනේජ් (Mr Nicolas fornage) ඇතුළු පිරිසක් සහභාගී වූහ.