සාම්ප්‍රදායික දේශිය භෝග වගාවන් පිළිබදව උනන්දුවක් දක්වමින් බොහෝ කලක සිට එම වගාවන් හි නිරත වන ගොවි මහතකුගේ නිවසෙහි මෙම වැඩසටහන සංවිධානය කර තිබිම හා අනුරාධපුර ගොවි ජනපදවල ගොවි නියෝජිතයින්මේ සඳහා සහභාගිවීම විශේෂත්වයකි.
මෙහිදි අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පි.ජි. කුමාරසිරි මහතා , වස විස නැති සෞඛ්‍යයට හිතකර ආහාර ක්‍රියාවලියක් රට තුල යලි ස්ථාපිත කර ව්‍යාප්ත කළ හැකි ගුණාත්මක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ඇගයිය හැකි බව පැවසීය. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නිතර නියාමනයට ලක්වන වැඩසටහනක් වන නිසා ඒ හා සම්බන්ධ නිලධාරින්ට විශාල වගකීමක් පැවරෙන බව ද දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි අවධාරණය කළේ ය.
දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ගාමිණි එරබදුපිටිය මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ, විදෙස් රටවලින් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරිම අවම කිරිමත්, ජනතාවගේ පෝෂණය නැංවීම හා පස සංරක්ෂණය කිරිමට අවශ්‍ය පියවර ගැනිමටත් යන ඉලක්කයන් මෙම වැඩසටහනේ දි අරමුණු වන බවයි. නිල වශයෙන් දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ආරම්භ කළ බව සංකේතවත් කරමින් පැළ සිටුවීමක් ද දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු නිලධාරින් අතින් සිදු විය.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ අනුව ඔක්තෝම්බර් 06 නාච්චාදුව , 08 වන දින පදවිය හා වාහල්කඩ , ඔක්තෝම්බර් 09 මහ විලච්චිය , 13 වන දින නුවර වැව , තිසා වැව හා හුරළු වැව , 14 වන දින රාජාංගනය ආදි වශයෙන් දිස්ත්‍රික්කය පුරා පවත්වන කන්න රැස්වීම වලදී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන පිළිබදව විශේෂ දැනුවත් කිරිම් සිදු කිරීමට නියමිතය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය හා නාච්චාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කර ඇත.
AP/DMU-Anuradhapura