මෙරට සංවර්ධන කි‍්‍රයාවලියේ මූලික ව්‍යූහය ඉදිකිරීම් හා ඉඩම් භාවිතය, සමාජ ආර්ථික හා පාරිසරික යන අංශයන් පිළිබඳ මූලික අවධානය යොමු කරමින් සැලසුම් සකස් කිරීම පිළිබඳ රජයේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප‍්‍රධාන අරමුණු වේ. එසේම සිංගප්පූරුවේ නාගරික සංවර්ධනයේ අත්කරගෙන ඇති ජයග‍්‍රහණයන් හා අත්දැකීම් මෙරට රාජ්‍ය නිලධාරීන් සමග හුවමාරු කර ගැනීම තවත් සුවිශේෂී අරමුණකි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සිංගප්පූරුවේ ජීවත්වීමට සුදුසු නගර සඳහා වූ මධ්‍යස්ථානය, සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප‍්‍රයිසස් හා තිමාස්ක් පදනම යන ආයතන එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘මෙහිදී මහකොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරුවේ සහයෝගය ලබාගැනීම සඳහා කටයුතු කළ තිමාක්ස් පදනමට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ රට ලොව නවීන නගර හා සැසඳිය හැකි ලෙස දියුණු කිරීමට හා ව්‍යාපෘපති ආරම්භ කිරීමට පෙර පුළුල් අත්දැකීම් සහිත නිලධාරීන් සමූහයක් විද්වතුන් සමූහයක් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අත්දැකීම් හා දැනුම බෙදාදීමට මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම ඉතාම වැදගත්.
අපේ රටේ නාගරික පද්ධතිය නවීන නගර සැලසුම් යටතේ සිදුවන දියුණුවත් සමග දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස ද සංවර්ධනය කිරීමට සැලසුම් සකස්විය යුතුයි. නාගරික සංවර්ධනයේ නව අත්දැකීම් හා සිංගප්පූරුවේ ප‍්‍රායෝගික අත්දැකීම් නව නාගරික සැලසුමක් නිර්මාණය කර ගැනීමට අපට වැදගත්වේවි. ඒ වගේම සිංගප්පූරුව දිගු කාලීන වැඩපිළිවෙලක් යටතේ තම නාගරික සංවර්ධන වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කොට තිබෙනවා. අපත් අපේ අනාගත පරපුර වෙනුවෙන් සාමකාමී සුහුරු සබුද්ධික නාගරික පද්ධතියක් නිර්මාණය කිරීමට නම් පුළුල් අනාගත දැක්මක් හා නවීන විද්‍යානුකූල සැලසුම් අපට අවශ්‍ය වෙනවා. එම මහා නාගරික විප්ලවය යතාර්ථයක් බවට පත් කිරීමට නම් ක‍්‍රමවත් යටිතල පහසුකම් ගොඩනැගීම අත්‍යවශ්‍යම කාරණයක්. එම කටයුතු සඳහා ජනතාවගේ සහභාගීත්වය ද ඉතාම වැදගත්. නාගරිකකරණය ගමටද ව්‍යාප්ත කළ යුතුයි. ඒ යටතේ කුඩා නගර ප‍්‍රධාන නගරවලට සාපේක්‍ෂව දියුණු විය යුතුයි. වර්තමාන ලෝකය නැවත කෘෂිකර්මය මූලික කරගත් ආර්ථිකයක් කරා ගමන් කරන මොහොතක අපේ රටේ නගර සංවර්ධනයට සාපේක්‍ෂව කෘෂිකර්මාන්තය ද සංවර්ධනය විය යුතුය.
ඒ වගේම ඓතිහාසික උරුමයන් හා සංස්කෘතීන් ආරක්‍ෂාවන අයුරින් කටයුතු කිරීම ඉතා වැදගත්. වර්ෂ 1800 දී ලොව නාගරික ජනතාව වාසය කර ඇත්තේ 2% ක් පමණයි. ඉන් වසර 200 කට පසු එය 50% දක්වා වර්ධනය වෙලා තියෙනවා. එය බිලියන 3.7 දක්වා වැඩි වී තිබෙනවා. 2050 දී මෙම ප‍්‍රමාණය දෙගුණ වන බව ලොව විද්වතුන් සඳහන් කරනවා. විශේෂයෙන් ආසියානු හා අප‍්‍රිකානු කලාපයේ නාගරිකව වෙසෙන ජනගහණය 80% දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙම සංඛ්‍යාලේඛනවලට අනුව ඉදිරියේදී සිදුවන සංවර්ධන කාර්යය ඉතාම අභියෝගාත්මකයි. එය ජනතා හිතවාදී ලෙස සිදු වන්නක් විය යුතුයි. වැඩිවන ජනගහණයත් සමග පරිසර දූෂණය ස්වභාවික උවදුරු හා නාගරික අවිවේකී තත්වයන් අවම වන අයුරින් මනඃස්කාන්ත නගරයක් නිර්මාණය කිරීම සැලසුම් ශිල්පීන්ගේ ප‍්‍රධාන වගකීමක් වෙනවා. “ යැයි ද පැවසීය
මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ‍්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් එස්. චන්ද්‍රදාස්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු පී. සුරේෂ්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නයන මාවිල්මඩ යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
SDF