නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ගෙවතු වගා වැඩසටහන ඔක්.05 දා ඇරඹේ

    ඔක්තෝබර් 01, 2015
     
    මාතලේ දිස්ත්‍රික්කයේ ගෙවතු වගාව සහ රුක් රෝපණ වැඩසටහනක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්. 05 දා පෙ.ව. 9.30 ට මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වේ.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන දේශිය නිෂ්පාදනය දෙගුණ කිරිමේ වැඩපිළිවෙලට සමගාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලවල ,රජයේ සේවකයින්ගේ නිල නිවාසවල, සහ පුද්ගලික ඉඩම්වල ගෙවතු වගාව ක්‍රියාත්මක කිරිමට නියමිතය.
     
    මෙහි සමාරම්භක දිනය දා තැන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුක්රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ.දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහනට ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය යන ආයතනවල දායකත්වය ලබා ගැනේ.
     
    මෙම වැඩසටහනට සමගාමීව එදින ප.ව. 2.30 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී දේශිය කෘෂිකර්මය පිළිබඳ විශේෂ දේශනයක් හදබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා විසින් පැවැත්විමට නියමිතය. 
     
    AP/DMU- Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya