නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනයේ දී තනතුරු දැරිය යුත්තේ සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගත කරන අවධියේ යි

    සැප්තැම්බර් 28, 2015

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

     

    දේශපාලනයේ දී තනතුරු දැරිය යුත්තේ සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගත කරන අවධියේ බවත් රෝද පුටුවෙන් හෝ අත්වාරුවෙන් යන කාලයේ දී තනතුරු දැරීමෙන් ඵලක් නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

    පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ ජනතාවට ප්ලාස්ටික් ජල ටැංකි බෙදාදීම සඳහා පැවති ජන හමුවක් අමතමින් පසුගියදා (26) අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    තමන් දේශපාලනයේ සිටින කාලය තුළ ආණමඩුව ජනතාව හොඳ ආර්ථික ශක්තියක් ඇති පිරිසක් බවට පත් කිරීම සිය ආශාව හා අරමුණ බවත් මැරෙන තුරා දේශපාලනයේ රැඳී සිටීමට තමන්ට බලාපොරොත්තුවක් නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    මහජන දේපොල ගසා කෑවොත් මෙලොවෙහිදීම විඳවන්නට වන බව මේ දිනවල මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) වෙත යන එන අයගෙන්ම පෙනෙන්නේ යැයි ඔහු තවදුරටත් මෙහිදී පවසා සිටියේය.

     

    එබැවින් වංචා හා දූෂණ වලින් තොරව කටයුතු කිරීමට සියලුදෙනා අදිටන් කරගත යුතු බවත් පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධාගමේ කියන දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දෙන එක ගැන සිතා අපි එතැනට නොගොස් හරි දේ කරගෙන රට ඉදිරියට ගෙන යමු යැයි ද පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya