නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කලමණාකරණය පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ගාල්ලේදී

    සැප්තැම්බර් 25, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා කලමණාකරණය පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. 
    ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමාණාකරන මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර හදිසි ආපදා තත්වයන් හමුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ කාර්යයභාරය, ඔවුන්ගේ දැනුවත් වීම කවර තත්වයක පැවතිය යුතුද යන්න පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.
     
    එමෙන්ම නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙමින් ආපදා තත්වයන් හමුවේ සිදුකල යුතු මෙහෙවර පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් දැන්වත් කෙරිණි. 
     
    එසේම දිස්ත්‍රික්කයට බලපාන විශේෂ ආපදා තත්වයන් පිළිබඳව  එනම් සුනාමි, වෙරළ ඛාදන, මුහුදට තෙල් කාන්දුවීම සහ ටොනාඩෝ වැනි තත්වයන් පිළිබඳව න්‍යායිකව දැන්වත් කිරීමද සිදු විය.   
     
    මේ අවස්ථාව සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම දිස්ත්‍රික්කයේ ආපදා කළමානාකරණ සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළුව බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya