නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමසාරිස් පැරණි මැතිවරණ තොරතුරු ඉල්ලයි.

    සැප්තැම්බර් 22, 2015
     
    මැතිවරණ දෙපාර්තමේන්තුවට හා මැතිවරණවලට  සම්බන්ධ පැරණි ඡායාරූප,  පැරණි නිල ඡන්ද පත්‍රිකා, ලිපි, ලේඛන, ඡන්ද පොල ප්‍රදර්ශනය කරන ලද පොස්ටර්,  ආදිය ඇත්නම් එයින් පිටපතක්  මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 
    මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 60 ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සවය සදහා මෙම පැරණි තොරතුරු අවශ්‍යව ඇති බව ඒ මහතා පවසයි. 
     
    කොමසාරිස්වරයා මෙම ඉල්ලීම කළේ  පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සාර්ථකව නිම කරගැනීම 
    සදහා  දායකත්වය ලබාදුන් මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ඇගයීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැතිඋත්සවයට සහභාගි වෙමිනි. 
     
    පසුගිය මහමැතිවරණයේ ඡන්ද වීමසීමේ කටයුතු රාජ්‍ය නිලධාරින් විසින් කාර්යක්ෂමව සිදු කිරීම නිසා රුපියල් කෝටි 350 ක මුදලක් වැය වු බවත් එම කාර්ය පෞද්ගලික අංශය මගින් සිදුකරගනු ලැබුවා නම්  කෝටි 3,500 ක් තරම් මුදලක් වැය වීමට ඉඩ තිබුණු බවද කොමසාරිස්වරයා  පැවැසීය. ඉහළ සිට පහලම නිලධාරියා දක්වා සෑම නිලධාරියෙක්ම මැතිවරණයේදී තමන්ගේ යුතුකම් කොටස මැනවින් ඉටුකිරිම නිසා මැතිවරණය සාර්ථකව පවත්වාගැනීමට හැකි වු බවත් ඔහු සදහන් කළේය.
     
    ඡන්දය සාර්ථකව  පවත්වා ගැනීම සදහාත්, ඡන්ද නීති රීති නිවැරදිව  ක්‍රියාත්මක කිරිම සදහාත්  මාධ්‍ය වැදගත් මෙහෙයක්  ඉටුකළ බවත්, විශේෂයෙන්  ඡන්දය ලබාදීමේ  ඇති වැදගත්කම මාධ්‍ය මගින්  දැනුවත් කිරීම නිසා  ඡන්දය ලබාදීමේ ප්‍රතිශතය ඉහළ  ගිය බවත් හෙතෙම පැවැසීය. 
     
    ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී  නාම යෝජනා ලබාදීමේ අවස්ථා ඡායාරූප රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මාධ්‍යයට ලබාදීමේ වැඩ පිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද දේශප්‍රිය මහතා  පැවැසීය.  
     
    රාජ්‍ය නිලධාරින් ඇගැයීමේ  උත්සවය සදහා  මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී  හිටිසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ගාමිණි  දිසානායක,  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  සමන් ප්‍රිය රත්නයාක,  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  නාමල් තලංගම යන මහත්වරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි  වුහ. 
     
    AP/DMU-Kandy
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya