නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 500,000ක්

    සැප්තැම්බර් 21, 2015
    ප්‍රථම වරට මධ්‍යම පාන්තික ජනතාවට හා එම කාණ්ඩයට අයත් වන රාජ්‍ය සේවකයන්ගේ පවුල් ලක්ෂ 05කට නිවාස අයිතිය හිමිකර ගැනීමේ සුවිශේෂි අවස්ථාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස ලක්ෂ 05 වැඩසටහනින් හිමි වනු ඇතැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව මධ්‍යම පන්තියේ ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිත මහල් නිවාස සංකීර්ණවලින් සමන්විත නව නිවාස ලක්ෂ 05ක් ජනතාවට හිමිකර දීම පිළිබඳ කරුණු හැදෑරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කර ඇති අධ්‍යයන කණ්ඩායමේ සමාජිකයන් විසින් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ ව අමාත්‍යවරයා දැනුවත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
     
    නාගරික හා උප නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත මෙම නිවාස වර්ග අඩි 850 - 1000ත් අතර ප්‍රමාණයන්ගෙන් සමන්විත වනු ඇත. යෝජිත නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීම මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බව මෙහිදී අමාත්‍යවරයා වෙත දැනුම් දෙනු ලැබීය.
     
    මෙම නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා අධිවේගී මාර්ග පද්ධතියේ පිවිසුම් ස්ථානවලට හා දුම්රිය ස්ථානවලට නුදුරු භූමි භාගයන් තෝරා ගැනීමට ප්‍රමුඛතාවය හිමි වනු ඇත. දැනට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් ද, රජය සතු ඉඩම් හා පවරා ගනු ලබන පෞද්ගලික ඉඩම් ද මෙම නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා භාවිත කිරීමට නියමිතය.
     
    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ තුළින් නිවාස මිලදී ගන්නා පුද්ගලයන්ට අඩු පොලියක් යටතේ ණය මුදල් පිරිනැමීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු මේ වන විට එකඟතාවය පළ කොට ඇති අතර මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 - 50ත් අතර වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya