ඒ අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති සඳහා මිලියන 27.3 ක් ද, කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 09 ක් සඳහා මිලියන 21.87 ක් ද, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 25 ක් සඳහා මිලියන19.28 ක් ද හා තිඹිරිගස්යාය ව්‍යාපෘති 22 සදහා මිලියන 17.38 ක් ද වෙන් කිරීමට නියමිත බව සැලසුම් අධ්‍යක්ෂ ඩී.එම්.එන්.දිසානායක මහත්මිය සඳහන් කළේය.
තවද පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 17 ක් සඳහා මිලියන 32.07 ක් ද, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 04 ක් සඳහා මිලියන 16.63 ක් ද, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 04 ක් සඳහා මිලියන 11.41 ක් ද, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 05 ක් සඳහා මිලියන 52.25 ක් ද සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 16 ක් සඳහා 117.10 ක් ද, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 59 ක් සඳහා මිලියන 70.61 ක් ද කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති 13 ක් සඳහා 13.33 ක් ද වෙන් කර ඇති බව දිසානායක මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
dmu_Colombo