නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල ගුණ සමරු වැඩ සටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

    සැප්තැම්බර් 17, 2015
     
    “ 151 වන ධර්මපාල ගුණ සමරුව අද දින මුළු රට පුරාම පැවැත්වෙන අවස්ථාවක කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම අදීන පුද්ගලයා ගේ සමාජ චින්තනය පිළිබද සිහි කිරීම ජාතික යුතුකමක් ලෙස සලකනවා.පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි ආදී විදේශිකයන් රට ආක්‍රමණය කළ අවස්ථාවලදී සිංහල ජාතිය අභීතව නැගී සිටි අවස්ථා අපමණයි.එවැනි අවස්ථාවල සිංහල දේශය, ජාතිය, ආගම බේරා ගැනීම සදහා ජාතික වීරවරු බිහිවීම ලංකා ඉතිහාසය පුරාම සිදු වූ දෙයක්. ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් ව දේශීය කළු සුද්දන් බිහි වූ යුගයක ධර්මපාල වැනි අභීත සිංහලයකු බිහි නොවන්නට ලක් දරණ මේ වන විට පරාධීන දේශයක් වන්නට ඉඩ තිබුණා.
    එවන් යුගයක සිංහල ජාතිය පරාධීන ගති සිරිත් වලින් මුදවා ගැනීම සදහා ධර්මපාල තුමා නැංවූ හඬ අභීතයි.” යැයි අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනගාරික ධර්මපාල ගුණ සමරු වැඩසටහනේ දී කොළඹ හිටපු දිස්ත්‍රික් ලේකම් හා වර්තමාන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ නව ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පැවසීය.
     
    ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ධර්මපාල තුමාගේ සමාජ චින්තනය ලංකාවට පමණක් සීමා වුවක් නොව ජපානය, මියන්මාරය, ඇමරිකාව වැනි රටවල වැසියන්ගේ පුනරුදයට මෙම චින්තනය ඉවහල් වී වුණා. ධර්මපාලතුමා බුද්ධගයාව වැනි බෞද්ධ සිද්ධස්ථාන බේරා ගැනීමට විශාල කැප කිරීමක් කළා.  පසුව පැවිදි වූ එතුමා බුදු සසුනේ චිරස්ථිතිය සදහා තම ශ්‍රමය හා කාලය සම්පූර්ණයෙන් වැය කළා. මොහු තුළ තිබූ අප්‍රතිහත ධෛර්යය උට්ඨාන වීර්යය සමාජ ශෝධනය වැනි ගුණාංග සමාජ විප්ලවයක් ඇති කිරීමට හේතු කාරක වුණා. ඒ සදහා ඕල්කට් වැනි විදේශිකයන් ගේ සහය ද ඔහුට ලැබුනා.
     
    එපමණක් නොව මෙතුමා තර්කාන්විත දේශකයකු ලෙසද ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වුණා. වරක් චිකාගෝ හී කළ දේශන වලට සවන් දීම සදහා දහස් ගණන් ජනතාව මෙතුමා වටා රොක් වුණා.එතුමා ඒ යුගයේ දී කළ කී දෑ වත්මන් සමාජයට ද 100% ක් ම ගැලපෙනවා. මිෂනාරී ආගම් ප්‍රචලිත කිරීමට මාන බැලූ විදේශිකයන් ට මෙන්ම නම්බුනාම ලැබීම සදහා ඉංග්‍රීසින්ට දන නැමූ කළු සුද්දන්ට මෙන්ම  දේශීයත්වයට පිටු පෑ සිංහලයින් ඉන් ගොඩ ගැනීමට මෙතුමා තම ජීවිතයම කැප කළා. ලොව හැම රටකටම දේශියත්වයක් ඇත.එම න්‍යාය අකුරටම පිළිපැදි අනගාරික ධර්මපාල තුමා දේශීයත්වය ආරක්ෂා කර ගැනීමට සිංහලයා වෙනුවෙන් තම හඩ නැගුවා.
     
    මෙහිදී හිටපු  දිස්ත්‍රික් ලේකම්වරයා අතින් කච්චේරි සංකීර්ණයේ  නා පැළයක් රෝපණය කළ අතර ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය. ධර්මපාල තුමා පිළිබද විවිධ විචිත්‍රාංග රැසක්  වැඩිහිටියන් තරුණ තරුණියන්, සිගිති දරුවන් හා  පාසල් සිසු සිසුවියන් විසින් මෙහි දී ඉදිරිපත් කෙරිණි.
     
    බම්බලපිටිය වජිරාරාමාධිපති ත්‍රිකුණාමලේ ආනන්ද නා හිමියන් ගේ දේශණයක් හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටයක් ද ප්‍රදර්ශණය කරන ලදී.
     
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya