නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක - ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන්න

    සැප්තැම්බර් 17, 2015

     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    දිවයින වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි. 70-80 පමණ දක්වා ඉහල යා හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සවස 4.00 න් පසු දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 40-50 ක් පමණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya