අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව අනාවරණය කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
මෙහිදී දිස්ත්‍රික්කයේ පුරන් වූ කුඹුරු සම්බන්ධව සාකච්ඡාවට ලක් වූ අතර එහි ප්‍රගතිය පිළිබඳව විමසුමට ලක් විය.
වාණිජ ගොවිපොළවල් නංවාලීමට දිස්ත්‍රික්කය පුරා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවට දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂිකා කෝසලා ජයවර්ධන මහත්මිය විසින් පෙන්වා දුන් අතර තරුණ කෘෂි ව්‍යාප්තිය යටතේ ව්‍යාපෘති 19ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09ක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.
තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව ආරම්භ කොට ඇති පළතුරු පැළ රෝපණය කිරීමේ වැඩසටහන සහ පළිබෝධ නාශක අවම කරමින් පළතුරු අපනයන කරුවන් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන වඩාත් විධිමත් කිරීම වෙනුවෙන්ද මෙහිදී අදහස් පල විය.
AP/DMU-Galle