මධ්‍යම පළාත් සභාවේ වැඩ බලන සභාපති ආර්.එම්.එස්.බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පළාත් සභාවේ න්‍යාය පත්‍රයට අනුව මුල්ම කටයුත්ත ලෙස සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කිරීමට නියමිතය. ඒ අනුව හෙට පත් වන්නේ මධ්‍යම පළාත් සභාවේ 11 වැනි සභාපතිවරයාය.
මෙවර මහ මැතිවරණය සදහා මධ්‍යම පළාත් සභාවෙන් මන්ත්‍රීවරු 22 ක් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ අතර එයින් හය දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස තේරී පත් විය. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ පුරප්පාඩු ව පවතින එම මන්ත්‍රීධුර හය සදහාද ඉදිරියේදී නව මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිතය.
AP/DMU-Thanuja
.