ආධුනික ක්‍රිකට් ශූරතාව, ආධුනික වොලිබෝල් ශූරතාව හා මාතර, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්ය මණ්ඩලය සඳහා ද ප්‍රදර්ශන තරග 3ක් ද මෙහි දී පැවැත්විණි.
ආධුනික ක්‍රිකට් ශූරතාව තලල්ල ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව කොටුවේගොඩ මධ්‍යස්ථානය විසින් දිනාගන්නා ලදී. ආධුනිකයන්ගේ වොලිබෝල් ශූරතාව ඌරුබොක්ක මධ්‍යස්ථානය විසින් දිනා ගන්නා ලදී. කාර්ය මණ්ඩල ප්‍රදර්ශන තරගයේ ශූරතාවය හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ අතර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරුන් හා නිලධාරීන් ආධුනික පිරිස් සමඟ මෙම සංවත්සරය ඉතාමත් සුහදශීලීව සමරනු ලැබීය.
මාතර දිස්ත්‍රික්කයේ පුහුණු මධ්‍යස්ථාන සියල්ලෙහිම ආධුනික කණ්ඩායම් හා කාර්ය මණ්ඩලය 800කට අධික පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (කලාප) ඒ. එම්. ඒ. ජයතිස්ස මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩලය මෙය සංවිධානය කරන ලදි.
WMTI_dmu_Matara