නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මදුරු මර්දන වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 250ක් - වෛද්‍ය පාලිත මහීපාල

    සැප්තැම්බර් 05, 2015

    රජය  රුපියල් මිලියන 250ක මුදලක් මදුරු මර්දන වැඩසටහන සහ ඩෙංගු මර්දන වැඩසටහන ශක්තිමත් කිරීමට ආයෝජනය කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේ ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික මදුරු මර්දන සතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය. මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

     

    මේ වනවිට ඩෙංගු රෝගීන් 19657ක් වාර්තා වී තිබෙන බවත් වසර 2014 රෝගීන්ගේ සංඛ්‍යාව 29722ක්.

     

    වසර 2014 දී ඩෙංගු මරණ 71ක් වාර්තා වී ඇති අතර 2015 මේ වනවිට වාර්තා වී ඇත්තේ 36ක් පමණයි. රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මදුරු මර්දනයට ප්‍රමුඛතාව ලබාදී තිබෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 250ක ආයෝජනයක් කර තිබෙන බවත් ප්‍රමුඛ අරමුණ ඩෙංගු මර්දනය බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    ඩෙංගු රෝගීන් දහසකින් මරණ එකක් පමණක් මේ වන විට වාර්තා වන බවත් එය ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ සේවයේ ඇති ගුණාත්මක බව පෙන්නුම් කිරීමක් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.

     

    මදුරු මර්දන වැඩසටහනේ දී මේ වනවිට මිලියනයක ට ආසන්න නිවාස පරිශ්‍ර පරික්ෂා කර ඇති බවත් ඉදිරියේ ක්‍රියාත්මක කරන මදුරු මර්දන සතියේ දී නිවාස ලක්ෂ 6-7 අතර සංඛ්‍යාවක් පරික්ෂා කිරීම අරමුණයි.

     

    උණ රෝගය පවතීනම් ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya