මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම් සිදුකර තිබේ.
එහිදී මහනුවර දිස්ත්‍රික්කය පුරා කළ වැටලීම් මගින් වෙළෙදසැල් 109ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. කල් ඉකුත් වු භාණ්ඩ අළෙවිය, සඳහන් මිලට වඩා වැඩි මිලට අළෙවි කිරිම, මිල ප්‍රදර්ශනය නොකිරිම වැනි කරුණු ඊට බලපෑ හේතුන්ය.
පසුගිය මාසයේ නීතිය ඉදිරියේ වරදකරුවන් වුවන්ගෙන් රුපියල් 164,500ක දඩ මුදලක් අයකරගෙන ඇති බවත් පැවසු මදාරාගොඩ මහතා දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි 18ක් ද, දුරකථන මගින් පැමිණිලි 41ක් ද ලැබුණු බවත් එම පැමිණිලි විමර්ශනයට ලක් කළ බවත් පැවසීය.
DB