නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    සැප්තැම්බර් 04, 2015

    ශ්‍රී ලංකාවට ඉහලින් හා ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වළාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

     ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි)  ඇතිවීමට ඉඩ ඇත.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (4) දහවල් 12.10 ට දංකොටුව, කුණ්ඩසාලේ, හුන්නස්ගිරිය සහ දීඝවාපිය නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya