නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් ගාල්ලේදී

    සැප්තැම්බර් 04, 2015
     
    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජාතික වැඩසටහනේ දෙවන වැඩ සටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 18 වන දින ගාල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. 
    මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම වැඩසටහන මෙහෙය වන අතර ඒ පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතාගේ  සහභාගීත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    මෙම වැඩසටහන ගාල්ලේ පැවැත්වීමට මූලික වූ හේතුව සඳහන් කරමින් රෝහණ කීර්ති දිසානායක මහතා පෙන්වා දුන්නේ ගාල්ල සංචාරක දිස්ත්‍රික්කයක් බැවින් මත්ද්‍රව්‍ය වැනි සමාජයට බලපෑම්කාරී දෑ පිළිබඳව මහජනතාව මෙහිදී විශේෂ දැනුවත් කිරීම කළ යුතු බවයි. 
     
    මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන්, සිවිල් සංවිධාන, මත් ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කටයුතු කරනු ලබන පුරවැසියන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළුව සිවිල් සහ රාජ්‍ය අංශය නියෝජනය 
    කරමින් බොහෝ පිරිසක් සහභාගී වීමට නියෙමිතය.
     
    මෙහි පළමු වැඩ සටහන ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශය කේන්ද්‍ර කර  ගනිමින් පැවැත්විණි.
     
    AP/DMU - Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya