නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා පත් කෙරේ

    අගෝස්තු 26, 2015

    දෙවිනුවර ඓතිහාසික උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ  ධුරය සඳහා පැවති නිලවරණයෙන් ජන්ද 243 ක් ලබා ගනිමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හා දිවයිනටම සාම විනිසුරුවරයකු වු කොහොඹා හැන්නදිගේ නන්දසිරි මහතා තේරී පත්විය.   

    බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගේ අධික්ෂණය හා මෙහෙයවීම යටතේ පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේදී මෙම නිලවරණය පැවැත්විණි.

     

    1931 අංක 19 දරණ විහාර දේවාලගම් පනතේ 08 වන වගන්තිය අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිලවරණය පවත්වන ලදී.

     

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya