ගාල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර ගාල්ල දිස්ත්‍රික්කයට අනුයුක්තව සේවය කරනු ලබන ත්‍රිවිධ හමුද නිලධාරී අනුඛණ්ඩ සහ නිලධාරීහු 100 කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටිය හ.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ කර්නල් එදිරිසිංහ මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන අතර මේ දිනවල පවතින වර්ෂාපතනය සහ පසුගිය කාල සීමාවන් තුලදී ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශයන් ආශ්‍රිතව ඇතිවූ හදිසි ආපදා තත්වයන් සම්බන්ධව ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙහිදී දැනුවත් කිරීම සිදු කෙරේ. ආපදා අවම කිරීමට අමතරව පසු
ආපදා තත්වයන් හා පූර්ව ආපදා තත්වයන් පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරේ.
AP/DMU-Galle