නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහරේ ශිල්පීන් 135 කට සම්මාන සහ ත්‍යාග පිරිනැමේ.

    අගෝස්තු 29, 2015
     
    ඇසළ පෙරහර අවසානයේ පැවැත්වෙන පෙරහර සමාප්ති උළෙලේදී ශිල්පීන් 135 දෙනෙක් වෙත ත්‍යාග, සම්මාන සහ සහතික ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇති බව  පෙරහර භාරයේ බලයලත් නිලධාරී සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් බී.එම්.පී.ජී.ජී.වී. බණ්ඩාර මහතා පවසයි. 
    ඒ අනුව 2015.08.30 වැනි දින මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ඇසළ පෙරහරේ අති විශිෂ්ඨ ශිල්පීන් පස් දෙනෙක් සදහා ජනාධිපතිතුමන් අතින් සම්මාන ප්‍රදානය කෙරේ. එම සම්මාන 05 පිරිනමන්නේ ජීවිතයට එක් වරක් පමණක් වීම විශේෂත්වයකි. මෙම අති විශිෂ්ඨ ශිල්පින් පස් දෙනාට අමතරව තවත් විශිෂ්ඨ ශිල්පීන් 50 දෙනෙකුටද විවිධ කලා අංග නියෝජනය වන පරිදි සම්මාන පිරි නැමීමට කටයුතු යොදා තිබේ. 
     
    මීට අමතරව මහනුවර ඇසළ පෙරහරට අඛංඩව සහභාගී වන වයෝවෘද්ධ ශිල්පීන් 10 දෙනෙක්ද ජනාධිපතිතුමන් අතින් සම්මාන ලබා ගැනීමට නියමිත අතර, කුසලතා පූර්ණ කලා ශිල්පීන් යන කාණ්ඩය යටතේ තවත් ශිල්පින් 50 දෙනෙක් සම්මානයට පාත්‍ර වීමට නියමිතය. ඒ ඒ ශිල්පීන්ට පුද්ගලික මට්ටමින් පිරි නමන මෙම සම්මාන වලට අමතරව පෙරහරේ ගමන් ගන්නා දක්ෂතම නර්තන කණ්ඩායම් 20 ක් සදහාද සම්මාන, ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය.  
     
    මෙම ශිල්පීන් තේරීම සදහා හය දෙනෙකුගෙන් යුත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් කටයුතු කරන අතර, ඔවුන් සෑම රන්දෝලි පෙරහරක්ම ආවරණය කරමින් මෙම විනිශ්චය ලබා දෙනු ලබයි. මෙවර සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේදී මුදල්මය වශයෙන් ත්‍යාග පිරි නැමීමටද සංවිධායක මණ්ඩලය තීරණය කොට තිබේ. 
     
    මහනුවර ඇසළ පෙරහර භාරය මගින් මෙම සම්මාන ප්‍රදානොත්සවය  සංවිධානය කර තිබෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයද පෙරහර සමාප්ති උළෙලේ සංවිධාන කටයුතු සදහා දායකත්වය ලබා දෙයි.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya