මෙම අවස්ථාවට නාවික හමුදාපතිතුමන්ගේ බිරිඳ යමුනා විජේගුණරත්න මහත්මිය සහ ඔහුගේ පුත් සත්‍යජිත් විජේගුණරත්න මහතා ද සහභාගි විය.
එහිදී නාවික හමුදාපතිතුමන් හට කතෝලික සභාවේ සුභපැතුම් එක්කරන බවද, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කර සිටියේය.
ඉන් අනතුරුව නාවික හමුදාපතිතුමා පොදු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අගරදගුරුතුමන් හා සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සංකේතවත් කරමින් අගරදගුරුතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.
DB