තම ශ්‍රම දායකත්වයෙන් සිවිල් ජනතාවගේ සුබසාධනය උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබළු ක්‍රියා කළහ. ඒ අනුව පොතුවිල් හි අල් අක්සා පාසල, කෝමාරි මධ්‍යම බෙහෙත් ශාලාව සහ මාතෘ නිවාසය ශ්‍රමදාන මඟින් පිරිසිදු කිරීමට පසුගියදා කටයුතු කෙරිණි.
ඒ අතර, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 242 බල සේනාවේ සෙබළු කෝමාරි මධ්‍යම බෙහෙත් ශාලාවේ දී සහ මාතෘ නිවාසයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මේ සඳහා 120ක පමණ සෙබළු පිරිසක් එක්වූහ. අම්පාර ශික්ෂණ රෝහලේ ඉල්ලීමකට අනුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා 242 බලසේනාවේ සේනාධිපති සහභාගී විය.