ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් එච්.ටී කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නිවාස කමිටු රැස්වීමේ දීය.
ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“2016 වර්ෂයේ දී ජාතික නිවාස සැලැස්ම සෑදීමේ දී භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල්වලින් පමණක් යැපීමට බලාපොරොත්තුවක් නැහැ.ඒ සඳහා විවිධ ආයතනවලින් ප්‍රතිපාදන ලබා ගෙන නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙනවා. දිස්ත්‍රික් සැලැස්ම දිස්ත්‍රික්කයෙන් ම සැලසුම් කර ඉදිරිපත් කරනවා. ඒ අනුව කොළඹ නිවාස ප්‍රශ්ණය විසදීම සඳහා දැනටමත් පුළුල් සමීක්ෂණයක් අප කර තිබෙනවා. ඒ අනුව කොළඹ නිවාස ගැටළු හදුනාගෙන තියෙනවා. එයට අනුව කටයුතු කිරීමට ඉදිරියේ දී පියවර ගන්නවා.
පර්චස් දෙකක ඉඩම් කැබලි කොළඹ නගරය තුළ 18822 ක් ඇති බව සමීක්ෂණය අනුව හෙළි වුනා.ඒ ඉඩම් වල අයිතිය ද ජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා. නව ගම් පුරවර වැඩසටහන යටතේ නිවාස ව්‍යපෘති 26 ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට කොළඹ මහල් නිවාස ව්‍යපෘති වල ගැටළු ඇති වී තිබෙනවා. එම නිවාස වල සින්නක්කර අයිතිය ලබා නොදීම ඒවායේ නඩත්තුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරීම හේතුවෙන් මෙම දුෂ්කරතා ඇති වෙලා.ඒ වගේම නිවාස ව්‍යාපෘති 32 ක ජීවත් වන අයට සින්නක්කර අයිතිය දීමට බලාපොරොත්තු වෙනවා. දැනට ඔප්පු 1656 ක් දීමට කටයුතු කරනවා.
කොළඹ අනවසර නිවාස ඉදි කර ඇත.මේවායේ භූමියේ අයිතිය බොහෝ විට නගර සභාවට වරාය අධිකාරියට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවටයි. මේවායේ අනවසර නිවෙස් කඩා ඉවත් නොකර තාවකාලික බදු අයිතියක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේවායේ පවුල් 20000 ක් පමණ පදිංචියි.මේ අයට බදු අයිතිය ලබා දෙන්න වෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව කොළඹ වෙසෙන මධ්‍යම පන්තික ජනතාවට සුදුසු ස්ථාන සොයා බලා නිවාස ලක්ෂ 03ක් ඉදි කිරීමට සැලසුම් කර තියෙනවා. මේ සඳහා අවශ්‍ය ඉඩම් සොයා ගැනීමට නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් කටයුතු කරලයි ඇත්තේ. ඒ අනුව මධ්‍යම පන්තික නිවාස තැනීම සඳහා කොළඹ නගරය හා දිස්ත්‍රික්කය තුළ අක්කර 332ක් පමණ ඉඩම් කැබලි හදුනාගෙන තිබෙනවා. ඒ වගේම කුලී නිවාස ඉදි වෙන්න ඕන. එයටත් ලොකු ඉල්ලුමක් තිබෙනවා.“ යැයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක් විජය සාගර පලන්සූරිය මහතා පැවසීය.
මේ අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් කොළඹ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.