අධික වර්ෂාවකදී යට වන ස්ථාන වලට මෝටර් බෝට්ටු පාරු වැනි දෑ සූදානම් කර ගත යුතු බවත් දැනට ජලයෙන් යට වන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති සීතාවක කැස්බෑව කඩුවෙල කොළොන්නාව වැනි ප්‍රදේශවල මෙම වැඩපිළිවෙල දියත් කිරීමට කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මේ පිළිබඳ නාවුක හමුදාව ආපදා කළමණාකරණ අංශය ග්‍රාම නිලධාරීන් දැන්ම සිට දැනුවත් කළ යුතු බව ද පැවසීය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් තලගල මහතා, සහකාර මැතිවරණ කොමසාරිස් වජිර ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
SDF