මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 14 වෙනි වරටයි. "ගොවිපොළේ සිට මුළුතැන්ගෙට" ( From the Farm to the Kitchen) තේමාව යටතේ ආහාර සැකසුම්කරණය, ඇසුරුම්කරණය හා රසවත් ආහාර පිළියෙළ කිරීමේ විවිධ ශිල්පීය ක්‍රම හඳුන්වා දෙන දැවැන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ප්‍රකට මේ ප්‍රදර්ශනය සඳහා දේශීය විදේශීය ආහාර නිෂ්පාදකයන්, සකස්කරන්නන් හා ආයතන රැසක් ද ඉන්දියාව, චීනය, මැලේසියාව, ඩුබායි හා පකිස්තානය යන රටවල්වල නිෂ්පාදන ද හඳුන්වා දෙනු ලැබේ.
මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.
NDH