ශ්‍රී ලංකාවේ පලතුරු පරිභෝජන මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටටමට වඩා ඉතා අඩු අගයක් ගන්නා බැවින් කෘෂිකාර්මික වැඩසටහන්වලදී පලතුරු බෝග ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත.
එබැවින් පලතුරු බෝග ප්‍රවර්ධනයේ දී ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණය හුවමාරු කර ගැනීමට හැකිවන පරිදි ඊට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාව ගොඩනගා ගැනීම කාලීන අවශ්‍යතාව බව කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට හඳුනාගෙන ඇත.
ඒ අනුව “නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය ” නැමැති සංවිධානය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත සැකසුණු කාලාපීය සංවිධාන ජාලයකි. මේ වන විට මෙහි සාමාජිකත්වය දරන රටවල් ගණන 13කි. මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කාෂිකර්ම ක්ෂේත්‍රයට අතිවිය හැකි වාසිදායක තත්ත්වය සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත 2013 වර්ෂයේ දී මෙම සංවිධානය සමාජිකත්වය ලබා ගෙන ඇත. මෙම ජාලය මඟින් නිවර්තන පලතුරු වන නිෂ්පාදනය, ඵලදායීතාවය, සැකසීම, අලෙවිය,ගුණාත්මය, පරිභෝජනය සහ ජාත්‍යන්තර වෙළදාම හා ප්‍රවර්ධන කටයුතු සඳහා ක්‍රියාත්මක වේ.
සියලු සාමාජික රටවල් නිවර්තන පලතුරුවලට අදාළ තොරතුරු ක්‍රමානුකූලව රැස්කිරීම, විග්‍රහ කිරීම, වාර්තා කිරීම, බෙදාහැරීම නිෂ්පාදනයේදී හා පසු අස්වනු කටයුතු වලදී අවශ්‍ය වන තාක්ෂණය හුවමාරු කර ගැනීම, ජාන ප්ලාස්ම සංරක්ෂණය හා පර්යේෂණ හා සංරක්ෂණ කටයුතුවල සම්බන්ධීකරණය, ජාත්‍යන්තර වෙළෙඳාම ව්‍යාප්ත කිරීම සඳහා පහසුකරණය, මානව සම්පත් සංරක්ෂණය, පෝෂණ අගය පිළිබඳ පාරිභෝගික දැනුම වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර හා කලාපීය ගිවිසුම් වල බලපෑම ඇගයීම හා පසු විපරම් කිරීම යන නිවර්තන පලතුරු අංශයේ නිර්යාත නිෂ්පාදනය, දේශීය වෙළෙඳපොළ ශක්තිමත් කිරීම, දිළිඳු බව පිටුදැකීම හා ආහාර හා සුරක්ෂිතතාව සඳහා තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීම මෙම ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන අරමුණු වේ.
මේ මඟින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇති වැඩිදියුණු කළ පලතුරු ප්‍රභේද ලබාගැනීමට ද වාණිජ ප්‍රභේද ඇති කිරීමේ පර්යේෂණ හා ගුනණය කිරීමේ පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමට ද පසු අස්වනු හානිය අවම කිරීමට ද පරිභෝජනය ඉහළ නැංවීමට ද ඉඩකඩ ලැබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාත්‍යන්තර නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය සමඟ ඒකාබද්ධව නිවර්තන කලාපීය පලතුරු පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අතර මීට සමගාමීව එහි ජාත්‍යන්තර සංවිධානයේ මහා සභා රැස්වීම ඊයේ (05) සහ අද (06) එම හෝටලයේදීම පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා රටවල් 19 ක ඉහළ මට්ටමේ නිලධාරින් 45ක් පමණ සහභාගි වීමට නියමිතය.
නිවර්තන කාලාපීය පලතුරු සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ 06 වන සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ස්වභාවික මූලාශ්‍ර කෘෂිකර්මාන්තයට ආශිර්වාදයක් වී ඇති බව, ආහාර සුරක්ෂිතතාවය සමඟ තිරසාර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අමාත්‍යාංශයේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ප්‍රකාශ කළේය. මෙම ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවන බව පැවසූ ලේකම්තුමා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය නැරඹීමට පැමිණ සිටි පිරිසට ආරාධනා කළේය.
මෙම අවස්ථාව සඳහා FAO සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Kaison Chang මහතා, ලේකම් ජනරාල් Rahman මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
NDH