සමන් දේවාල පෙරහර විථි සංචාරය 31දා රාත්‍රිය දක්වා අඛණ්ඩව පවත්වා අගෝස්තු 01දා දිය කැපීමෙන් පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
බංලගොඩ බොල්තුඹේ මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර, ඊටම ආවේණික වූ වතාවන් හා චාරිත්‍ර විධි අනුගමනය කරන, දිවයිනේ සෙසු පෙරහර සංස්කෘතික මංගල්‍යන් අතර සුවිශේෂී බවක් උසුලන පෙරහරක් ද වේ.
ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් සතර දිසාවන්හි පිහිටා ඇති රත්නපුර, බොල්තුඹේ, දැරණියගල සහ මහියංගනය යන සතර මහ සමන් දේවාල අතුරින් ද ඉපැරණිම දෙවොල ලෙස බොල්තුඹේ සමන් දේවාලය සැලකේ.
DB