‘රුවන් පුරෙන් නිවන පුරට‘ මෙවර ඇසළ මහා මංගල්‍යයේ තේමාව වේ.
ලබන 30 වැනි දා පෙරවරු 9.00ට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සියක් නමක් පිණ්ඩපාත චාරිකාව නගරය මැදින් පහළ බෝපිටිය ශ්‍රී විහාරය ශ්‍රී රත්නාරාම විහාරය දක්වා වැඩම කරති. මේ සඳහා නගරයේ ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, දුවා දරුවන් මෙන්ම පෙර පාසල් දායකත්වය ලබා දෙති. පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සියක්නම උදෙසා විශේෂ අධ්‍යාපන සත්කාරක පූජාවක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.
ලබන 31 වැනි දා ශීල සාමාධි වැඩසටහන් සහ බැති ගී සරණියකි. 01 වැනි දා රිල්හේන විහාරස්ථානයේ අක්ෂි සායනයක් පැවැත්වීමට නියමිත අතර එදින රාත්‍රියේ තොරණ අභියස සංස්කෘතික සංදර්ශනයක් පැවැත් වේ. එසේම විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට ආශිර්වාද පතමින් බෝධි පූජා පින්කමක් ද සංවිධානය කර තිබේ. අගෝස්තු 03 වනදා රාත්‍රියේ යුද හමුදා බොදු ගී සංදර්ශනය හා බොදු ගී තරගාවලියක් ද සංවිධානය කර ඇති අතර අගෝස්තු 04 වන දා ගනේගම විහාරස්ථානයේ දී පැවැත්වෙන වියළි ආහාර පාර්සල් බෙදාදීමෙන් අනතුරුව සමාප්ත උළෙල පැවැත් වේ.
පැල්මඩුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය, එක්සත් බෞද්ධ සංගමය, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ව්‍යාපරික ප්‍රජාව, ස්වෙච්ඡා සංවිධන එකව මෙය සංවිධානය කරයි.
kpm