නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 ජූලි

    ජූලි 27, 2015
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස්වීම මඟින් මනිනු ලබන උද්ධමනය පෙර මාසයේ පැවති 0.2% හා සාපේක්ෂව, 2015 ජූනි මාසයේ දී 0.1%ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ශුනයට ආසන්න මට්ටමක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද පෙර මාසයේ පැවති 1.9% සිට 2015 ජූනි මාසයේදී 1.7%ක් දක්වා තවදුරටත් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    මේ තෙර මනාව පාලනය කෙරුණු යටිදුරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම ම. මනිනු ලබන මූලික උද්ධමනය ද පෙර මාසයේ පැවති 2.6% හා සාපේක්ෂන 2015 ජූනි මාසයේදී 2.8%ක අගයක් වාර්තා කරමින් අඩු මට්ටමක පැවතුණි. ඉන්ධන හා බලශක්ති පරිපාලිත මිල ගණන් පහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින් ඉදිරි මාස කිහිපය තුළ ද උද්ධමනය දැනට පවතින මට්ටමෙ හි තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    මුදල් අංශය සලකා බලන විට දැනට පවතින අඩු පොළී අනුපාතික වාතාවරණයෙ හි බලපෑම මධ්‍යයේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2015 මැයි මස දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 17.6%කින් වර්ධනය විය. මැයි මාසයේ දී පමණක් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය රුපියල් බිලියන 48.6ක් වූ අතර වසරේ පළමු මාස 05 තුළ දී පෞද්ගලික අංශයට සපයන ලද සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 150ක් විය. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය වැඩිවීම මෙන් ම රාජ්‍ය අංශය බැංකු පද්ධතිය මඟින් ලබා ගත් ණය ප්‍රමාණයෙ හි ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම  (M2b) පෙර මාසයේ වාර්තා කරනු ලැබූ 13.9% සමඟ සැසදීමේ දී 2015 මැයි මසදී 15.4%කින් ඉහළ ගොස් ඇත.
     
    විදේශීය අංශය සැලකූ විට 2015 මැයි මාසයේ දී ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම නිසි වෙළෙඳ හිඟය පුළුල් විය. ඒ අතර ම 2015 මැයි මස දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.8ක දළ නිල සංචිත, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව ලද ලැබීම් හේතුවෙන් 2015 ජූනි මස අග වන විට එ.ජ. ඩොලර් 7.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. මේ කාලය තුළ දී සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැනි අනෙකුත් විනිමය ලැබීම් ද විදේශීය අංශය සඳහා දායක විය. 2015 අප්‍රේල් මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දුන් එ.ජ. ඩොලර් මිලියන 400ට අමතර ව එ.ජ. ඩොලර් බිලියන 1.1ක පහසුකමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමඟ තවත් විනිමය හුවමාරු ගිවිසුමකට 2015 ජූලි 17 දින එළැබුණි. මේ නවතම පහසුකම ලැබීමත් සමඟ රටෙ හි විදේශීය තත්ත්යට තවදුරටත් ශක්තිමත් වූ අතර එය විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වයට ද සහයවෙයි. 2015 වසරේ මේ දක්වා කාලය තුඵ දී ශ්‍රී ලංකා රුපියල, එ.ජ. ඩොලරයට සාපේක්ෂය රුපියල් 133.70 දක්වා 2%කින් අවප්‍රමාණය විය.
     
    මේ අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් පිළියෙල කිරීම සඳහා වන පදනම් වර්ෂය 2002 සිට 2010 දක්වා වෙනස් කරන ලද අතර සම්පාදන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ජාතික ගිණුම් පද්ධතිය - 2008 (System of National Accounts-2008) හා අනුකූල වන පරිදි වැඩිදියුණු කර ඇත. පදනම් වර්ෂය වෙනස් කරන ලද ජාතික ගිණුම් සංඛ්‍යාලේඛන අනුව සේවා අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් සමඟ 2015 වසරේ පළමු කාර්තුවේදී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6.0%ක් බවට ඇස්තමේන්තු කර ඇත.
     
    ආර්ථිකයේ ඉහත වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2015 ජූලි මස 23 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතාකය  (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  (SLFR) පිළිවෙළින් 6.0% සහ 7.50% මට්ටමේ නොවෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya