නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය මොකට ද? කාට ද? මහජන සංවාද සභාව 25දා මාතර දී

    ජූලි 24, 2015

    තොරතුර දැනගැනීමේ අයිතිය මොකටද? කාටද? මැයෙන් මහජන සංවාද සභාවක් හෙට (25) පෙ.ව. 10.00ට මාතර තැපැල් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

     

    මෙහි සම්පත් දායකයින් වශයෙන් විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උපාලි පන්නිලගේ, මානව හිමිකම් ක‍්‍රියාධර නීතිඥ ලක්‍ෂාන් ඩයස්, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති, රාවය ප‍්‍රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ  සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරු සහභාගි වෙති.

     

    දකුණු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාතර මාධ්‍යවේදියෝ සංවිධානය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මෙම වැඩසටහන සංවිධානය කරති.

     

    මාතර දිස්ත‍්‍රික්කයේ විද්වතුන් හා ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya