ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරුවන් විසින් දිර්ඝ කාලිනව මුහුණ දෙන ගැටළු වලට විසදුම් වශයෙන් ඔවුන්ගේ තැන්පත් මුදල් රජය මගින් ආපසු ගෙවිම පිලිබඳ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ගෙවිම් ලේඛණයට පසුගිය සතියේ දි අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය ලැබිණි. ඒ අනුව රුපියල් විසි ලක්ෂයක් දක්වා වු තැන්පත් කරුවන් වෙත එම මුදල් ජුලි 24 දා පටන් මසක් ඇතුළත ගෙවනු ලැබේ. මෙම මුල් කොටස ගෙවිම සඳහා අවශ්‍යවන රුපියල් මිලියන 544.3ක මුදල මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ නඩුවක් පවතින බැවින් අධිකරණයේ අනුමැතිය ඇතිව ගෝල්ඩන් කි සමාගමට අයත් වත්කම් බැහැර කිරිමෙන් ආපසු අය කර ගැනිමට කටයුතු කරනු ලැබේ.
මෙයට අමතරව රුපියල් මිලියන 10 ට අඩු තැන්පතුකරුවන් වෙත ඔවුන්ගේ මුදල් ඉදිරි මාස දෙකක් ඇතුළත ගෙවිමටත් රුපියල් මිලියන දහයට වැඩි තැන්පත්කරුවන්ට ඉදිරි වසරක් ඇතුළත ගෙවීම් කිරිමටත් රජය තීරණය කර ඇත. මේ සඳහා රුපියල් මිලියන 7000ට අධික මුදලක් අවශ්‍ය වන බව කී මුදල් අමාත්‍යවරයා මෙම මුදල් ගෝල්ඩන් කී සත් වත්කම් බැහැර කිරිමෙන් හා එම වත්කම් වලින් දැනට ලැබෙන ලාභාංශ මගින් ලබා ගැනිමට තීරණය කර ඇතැයි පැවසීය. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් විසින් පවරන ලද නඩුව අවස්ථාවේදි තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ ගිණුම් ශේෂයෙන් 41% ප්‍රමාණයක මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දි තිබුණි. ඒ අනුව ගිණුම් ශේෂය පිළිබඳ සැලකිල්ලක් නොගෙන මෙම වසරේ ජනවාරියේ දි සියළු තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ තුනක උපරිමයට යටත්ව ගෙවිම් කරන ලදී.
ගෝල්ඩන් කී ඇතුළු බැංකු නොවන මුල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ දිගු කාලීන ගැටළුවලට සාධාරණ විසදුමක් ලබාදීම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව හරහා මැදිහත්විමක් කරන බවට නවරජය පොරොන්දුව සිටියේය. ඒ අනුව මුදල් අමාත්‍යවරයා මහ බැංකුවේ අධිපති සමඟ එක්ව මෙම ගැටළුවට විකල්ප විසදුම් සෙවිම සඳහා ගෝල්ඩන් කි තැන්පත්කරුවන්ගේ සංගමය සමඟ සාකච්ජා වට කිහිපයක් පවත්වන ලදී. ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සමඟ මුදල් අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එම තැන්පත් මුදල් ආපසු ලබා දිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට හැකිවිය.