නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන පවුල් පසුබිමක දරුවෙක් වුවත් මත්ද්‍රව්‍යවලට යොමු වීමේ අවදානමක්

    ජූලි 22, 2015

    පවුලේ පසුබිම කුමක් වුවත් අවුරුදු  12ට වැඩි සිසුන් මත්ද්‍රව්‍ය වලට යොමුවීමේ අවදානමක් පවතින බැවින් දෙමාපියන්  නිතර ම තම දරුවන් කෙරෙහි අවධානයෙන් සිටීම වැදගත් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ  සහකාර අධ්‍යක්ෂ  ප්‍රදීප් කුමාර  මහතා පවසයි.


    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක් වෙමිනි.

     

    මතින් තොර නිදහස් රටක්  යන තේමාව යටතේ  ජනාධිපතිතුමා ඇතුළු රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මාසය නිමිත්තෙන් මහනුවර  දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්විනි.

     

    මේ වන විට  ශ්‍රී ලංකාවේ   හෙරොයින් භාවිත කරන පුද්ගලයින්  45.000ක් ද,  ගංජා භාවිත කරන පුද්ගලයින්  ලක්ෂ දෙකක් පමණ  සිටින බව පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂවරයා  එම දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කර බැලීමේදී හෙරොයින්, ගංජා  ඇතුළු විවිධ නීති වීරෝධි මත් ද්‍රව්‍ය  භාවිතයෙන් මහනුවර දිස්ත්‍රික්කය හතරවන ස්ථානයට ළඟා වී ඇති බව පෙන්වා දෙන ලදී.  

     
    මහනුවර  නම් දැරූ පාසැල්වල සිසුන් මෙසේ මත් උවදුරට ගොදුරුවී ඇති බවද පෙන්වා දුන් ප්‍රදීප් කුමාර මහතා ඒ අතරින් මත් පෙති වලට ඇබ්බැහි වු සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ ප්‍රතිශතයක් ගන්නා බවත්  ඔහු පැවසීය.

     

    මෙහිදී අදහස් පළ කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ සමාජ සේවා, තරුණ සේවා, සමෘද්ධි සහ බෞද්ධ කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රාජකාරීවල නියැලෙන රජයේ නිලධාරීන් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ  වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බවයි. 

     
     
    ඒ අනුව ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ නිලධාරීන් යොදා ගනිමින් මෙවැනි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද හිටිසේකර මහතා පැවසීය.

     

    Dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya