ජනාධිපති කාර්යාලය විසින් මතින් තොර නිදහස් රටක් යන පරමාර්ථය පෙරදැරිකර ගෙන ජුලි - අගෝස්තු කාලය තුල ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනට සමගාමීව මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
මෙම වැඩ සටහන සදහා කොළඹ නගරයේ පාසල් 12 ක සිසු දරුවන් 120 ක් සහභාගි වීමට නියමිතය. මෙහිදී පාසල් සිසුන් දැනුවත් කිරීම වෛද්‍ය මනෝජ් පෙරේරා මහතා විසින් සිදු කෙරේ. මෙමගින් පාසල් වල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා
දීම සිදු කෙරෙනු ඇත.
AP/DMU-Colombo