මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
2012 ජාතික රතු දත්ත ලේඛනය මගින් නම් කර ඇති ගිරිනෝප්ස් වල්ලා (Gyrinopswalla) ශාක සුරැකීම පිණිස අවශ්‍ය පියවර දැඩි සේ බලාත්මක කරන අතරම වානිජමය කාර්යයන් උදෙසා වවනු ලබන එකී ශාක අදාළ බලධරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත‍්‍රයක් මත සන්තකයේ තබා ගැනීම සහ ප‍්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ එකඟතාව ඇතිව සකස් කරන ලද ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කිරීම මෙහිදී සිදු කෙරේ.