අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් මීට පෙර කරන ලද විමසීමකට අනුව මෙම රෝහලේ ළමා ඒකකයේ සිටින රෝගීන්ගේ ප්‍රතිකාරයන් සදහා දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම ස්කෑන් යන්ත්‍රය මඟින් රෝගීන්ගේ පෙනහළු, අක්මාව, හෘදය වස්තුව ඇතුළු අනෙකුත් ශරීර අභ්‍යන්තර අවයව ආශ්‍රිත ව එකතුවන ජලය හා අනෙකුත් රෝගී තත්ත්වයන් පිළිබඳව එසේම ශරීර අභ්‍යන්තරයේ ඇති රුධිරවාහිනී පිළිබඳව ද පැහැදිලි දත්තයන් ලබාගැනීමේ හැකියාව ඇත. එසේම අවශ්‍ය නම් මෙම ස්කෑන් යන්ත්‍රය ඇති ස්ථානයට පැමිණීමට නොහැකි අසාධ්‍ය රෝගීන් සඳහා ඔවුන් සිටින ස්ථානයට ගෙන ගොස් අවශ්‍ය පරීක්ෂණය සිදු කිරීමට හැකිවීම මෙම නව ස්කෑන් යන්ත්‍රය සතු විශේෂත්වයකි.
විශේෂයෙන්ම ළමා ඒකකයේ සිටින කුඩා දරුවන්ගේ රෝගී තත්ත්වයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා මෙම එකෝ යන්ත්‍රය ඉතා වැදගත් වන බව පැවසූ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මෙවන් සත්කාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් රෝහලේ සියලු ම වෛද්‍යවරුන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට සිය ස්තූතිය පුද කර සිටියේය.
මෙම ස්කෑන් යන්ත්‍රය භාරදීමේ අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක, ලේකම්තුමිය ඇතුළු සාමාජිකාවෝ පිරිසක්ද මහරගම පිළිකා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු ගණනාවක්ද සහභාගී වූහ.
NDH/mod