ඒ අනුව ජන ජීවිතය නගාසිටුවීම සඳහා අවශ්‍ය පොදු යටිතල පහසුකම් සංවර්ධනය යටතේ පානීය ජල සම්පාදනය, පොදු ළිං හා නාන ස්ථාන සංවර්ධනය, පොදු සනීපාරක්‍ෂක පහසුකම් සංවර්ධනය, ක‍්‍රීඩා පිටි හා ළමා උද්‍යාන සංවර්ධනය, ප‍්‍රජා ශාලා හා සංස්කෘතික මධ්‍යස්ථාන සංවර්ධනය, පෙරපාසල් සංවර්ධනය, ග‍්‍රාමීය පාසල්වල සනීපාරක්‍ෂක පහසුකම් අලුත්වැඩියාව, ග‍්‍රාමීය විදුලිය දිගු කිරීම්, සතිපොළ සංවර්ධනය, දහම් පාසල් පොදු පහසුකම් සංවර්ධනය සහ ග‍්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සිදු කෙරේ.
සුළු වාරිමාර්ග සංවර්ධනය යටතේ කුඩා අමුණු, වැව් හා ඇල වේලි ආදිය සංවර්ධනය, ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ කුඩා පාලම්, බෝක්කු සංවර්ධනය, ග‍්‍රාමීය මාර්ග සඳහා කොන්ක‍්‍රීට් ගල් ඇතිරීම, තාර දැමීම සිදු කෙරේ. ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යටිතල පහසුකම් සංවර්ධනය ප‍්‍රජාවගේ ඉල්ලීම මත වෙනත් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, හඳුනාගත් ව්‍යාපෘතිවල ප‍්‍රතිසංස්කරණය හා නවීකරණ කටයුතු ආදිය මෙහිදී සිදු කෙරේ.
දින 100 විශේෂ සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව ගම් නගාසිටුවීමේ වැඩසටහන යටතේ නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය මෙම මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ඇත.
2015 වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර වැඩ අවසන් කළ යුතු ය.
NDH/dmu_Matara