අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී‍්‍ර ලංකා පළතුරු ප‍්‍රවර්ධන සතිය අද ඇරඹේ

    ජූලි 08, 2015

    ශ්‍රී‍්‍ර ලංකා පළතුරු ප‍්‍රවර්ධන සතිය අද (08) සිට ලබන සිකුරාදා (10) දක්වා හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී පැවැත්වේ.

     

    දේශීය පළතුරු ඇතුළත් කුටි රැසකින් සමන්විත විශේෂ ප‍්‍රදර්ශනයක් ද මෙහි පැවැත්වේ. පළතුරුවලින් සකසන ලද ආහාර වර්ග සහ බීම වර්ග ඇතුළු නව නිපැයුම් දහස් ගණනක් රස විඳීමට සහ මිලදී ගැනීමටත් මෙහිදී අවස්ථාව උදා වනු ඇත.

     

    මීට අමතරව පළතුරු වගා කරන ගොවීන්ට හා ගෙවතු වගාකරුවන්ට පළතුරු වගාව ආශ‍්‍රිත ගැටලු විසඳා ගැනීමට ද මෙය අවස්ථාවක් වේ.

     

    හෙක්ටයාර 7ක පමණ භූමිභාගයක වගාකර ඇති පළතුරු ජාන විවිධත්ව ඇතුළු පළතුරු විශේෂ සහිත කනන්විල පළතුරු පර්යේෂණායතනයේ පළතුරු උයන ද නැරඹීමේ අවස්ථාවද මෙහි පැමිණෙන සියලුදෙනාට ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya