අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 මහ මැතිවරණය සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ නාම යෝජනා බාරගැනීම ඇරඹේ

    ජූලි 07, 2015

    අගෝස්තු 17 වන දින පැවැත්වීමට නියමිත 2015 මහ මැතිවරණයට අදාළව මාතර දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා බාරගැනීමේ කටයුතු ඊයේ (06) දින සිට 13 වැනිදා මධ්‍යාහ්න 12.00 දක්වා මාතර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී/මාතර දිස්ති‍්‍රක් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

     

    මාතර දිස්ති‍්‍රක්කයේ ඡන්ද ප‍්‍රදේශ 07 හි ඡන්ද කොට්ඨාස 444 ක ඡන්ද දායකයින් 623,818 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

     

    මෙවර මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 08දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය.

     

    මේ වන විට මාතර දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා බාරදීමක් සිදු නොවූ අතර ස්වාධීන කණ්ඩායම් 03 ක් පමණක් ඇප මුදල් තැන්පත් කර තිබේ.\

     

    SDF/dmu_Mathara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya