මෙම පොල් පැලයක වටිනාකම රුපියල් 300 ක් වන අතර මේ වැඩ සටහන යටතේ රුපියල් 100 වැනි අඩු මුදලකට නාගරික ප්‍රදේශවල ජනතාවට බෙදා දෙනු ලබයි.
නාගරික ප්‍රදේශවල කුඩා ඉඩ ප්‍රමාණයකට සරිලන ලෙස CRIC 65 වර්ගයේ පොල් ප්‍රභේදය මෙහිදී බෙදා දේ. අවුරුදු තුනහමාරකින් පමණ පීදෙන මෙම පොල් ගසකින් අවුරුදු 30 - 40 ත් පමණ කාලයක් හොඳ ඵලදාවක් ලබා ගතහැකි බව පොල් සංවර්ධන මණ්ඩලයේ කළමනාකාර කේ.හෙට්ටිආරච්චි මහතා පවසයි.
කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පොල් පැල බෙදා දීමෙන් මෙම වැඩ සටහන ආරම්භ කෙරිණි.
AP/DMU- Kurunegala