නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ පත්වීමේ හා නව මුදල් නෝට්ටු නිකුතුවේ වලංගුභාවය

    ජූනි 26, 2015
    ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ පත්වීම සහ 2015 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විිසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ ඇතැම් මාධ්‍යයන් හි පළ වූ පදනම් විරහිත චෝදනා පිළිබඳ සිය ස්ථාවරය මහජනතාව වෙත දැනුම්දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන අැත.
     
    ඒ අනුව ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීම නීතියට මෙන් ම නිසි ක්‍රියාමාර්ගයන්ට අනුකූලව සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
     
    මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්වීමට පුද්ගලයෙකු නුසුදුසු විය හැකි ආකාරය මුදල් නීති පනතේ 11 වෙනි වගන්තියේ පැහැදැලිව දක්වා ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ පත්වීම ඒ කිසිදු නුසුදුසුකමක් යටතට නොවැටේ.
     
    එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු අධිපතිවරයා වශයෙන් පත්වූ ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ සිට මේ දක්වා යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත් කිරීමේදී ඔහුගේ පුරවැසිභාවය හා ජාතිකත්වය සැලකිල්ලට භාජනය නොකරන ලද මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.
     
    වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතු මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ පැතිරෙමින් පවතින දූෂමාන සහ ද්වේශ සහගත ප්‍රචාර සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
     
    මුදල් නීති පනතේ 53(2) වගන්තිය අනුව, සෑම මුදල් නෝට්ටුවකම මුදල් පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ සහ මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන්වල පිටපත් තිබිය යුතු අතර එම නෝට්ටුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද්දක් බව සඳහන් වගන්තිය තිබිය යුතු වේ. එම පනතේ 52 වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නිතීයෙන් වලංගුය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගරු මුදල් අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද 2015 පෙබරවාරි 04 දිනැති මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීම සඳහා නීතිමය වලංගුභාවය දරන බවත් යටි අරමුණු ඇති පුද්ගලයන් විසින් මෙකී නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ මතුකරන පදනම් රහිත කාරණා මේ නෝට්ටුවල වලංගුභාවය කෙරෙහි නිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොකරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත සහතික කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව අවධාරණය කර සිටී.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya