නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නියත ජයක්

    ජූනි 26, 2015
    එළඹෙන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියත ජයග‍්‍රහණයක් හිමිකර ගන්නා බවත්, තරුණ්‍යයේ ගැටලු නව රජය යටතේ විසඳීමට අවශ්‍ය පියවර මේ වන විටත් සැලසුමකර ඇති බවත් තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    26 වන ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. 
     
    ගමේ තරුණ තරුණියන්ගේ ක‍්‍රීඩා දක්ෂතා ජාතික තලයට ගෙන ඒම මෙන් ම මනා කායික ශක්තිය, නීරෝගීකම වගේ ම මානසික ඒකාග‍්‍රතාවය තුළින් තරුණයන් ශක්තිමත් කොට ඒ ශක්තිය රටේ සංවර්ධනයට යොදා ගැනීම ජාතික යෞවන ක‍්‍රීඩා උළෙලේ අරමුණ බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 
     
    වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ තරුණ සේවා සභාව හරහා ජාතික තලයට පැමිණි ක‍්‍රීඩකයන් කලා කරුවන් රැසක් සිටින බවත් වත්මන් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ දේශපාලන බෙදීම්වලින් තොරව තාරුණ්‍යයට හොඳ සේවාවක් ලබා දෙන්න තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.
     
    ඉදිරියේ දී තරුණ ගැටලු විසදීමට අවශ්‍ය පියවර ගන්නා රජයක් ලෙස කටයුතු කරන බවත් ඒ සඳහා තාරුණ්‍යයේ සහයෝගය  අපට අවශ්‍යයි කී අමාත්‍යවරයා මෙරට තීරණාත්මක මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වෙන බවත්, එහි නියත ජයග‍්‍රහණය එක්සත් ජාතික පක්ෂය හිමිකරගන්නා බවත් පැවසූ අමාත්‍යවරයා ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙලේ තරග වදින සියළු තරගකරුවන්ට හා තරගකාරියන්ට ජයග‍්‍රයණය සඳහා සුභාශිංසනය ද කර සිටියේය.
     
    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ, අමාත්‍යංශයේ ලේකම් නිලන්ති සුගතදාස, තරුණ සේවා සභාවේ 
    සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya