නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දැනුම පදනම් කරගත් ආර්ථීකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය"සමුළුව අද

    ජූනි 26, 2015
    "දැනුම පදනම් කරගත් ආර්ථීකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශය" ජාත්‍යන්තර සමුළුව, අද (26) සහ හෙට(27) කොළඹදි පැවැත්වේ.
     
    මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවන, ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා ඊයේ රාත්‍රී 10.03 ට පමණ  UL196 යානයෙන් දිවයිනට පැමිණි  අතර කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ආචාර්ය අබ්දුල් කලාම් මහතා,  විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. 
     
    වසර ගනනාවක් පුරා  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු  කරගැනීමටත්, බලශක්ති සම්පත සහ පරිභෝජනය පිළිබඳව  විවිධ පාර්ශවයන් විසින් කරන ලද පර්යේෂණයන් ඒකරාශී කරගනිමින් දැනුම පදනම් කරගත් ආර්ථීකයක් සඳහා වූ බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැගීම මෙම ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන අරමුණ වේ. 
     
    විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව යමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සංවිධානය මෙය සංවිධානය කරන ලදී.
     
     
    මෙම සමුළුවෙන් අනතුරුව ආචාර්ය අබ්දුල් කලාම් මහතා, 27 දින පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya